ඇයි රත්තරන් මෙච්චර ගණන්? රත්තරන් ගැන කතන්දරේ – Saru News Media

0
8

රත්තරන් කියන්නෙ ලෝකයේ බහුතරයක් දෙනා ආදරය කරන, ආසාවෙන් එක්රැස් කරන ලෝහ වර්ගයක්. තමන්ගේ පෙනුම වගේම බලය වැඩි කරගන්නත් මේ රත්තරන් එක එක අය උපයෝගී කරගන්නවා. අපි කවුරුත් දන්න විදිහට ලෝකයේ තියෙන වටිනාම ලෝහ අතරින් එකක් තමයි රත්තරන් කියන්නෙ. ඒ වගේම ආභරණ නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම ඉන්න ලෝහයක් විදිහටත් රත්තරන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසාම කොයි තරම් මිල ඉහළ ගියත් රත්තරන් වලට තියෙන ඉල්ලුමනම් ලේසියෙන් අඩුවෙනවා දකින්න ලැබෙන්නෙ නැහැ. මේ තරම් හැමෝම ආස රත්තරන් ගැන කතා නොකර කොහොමද? ඉතින් අපිත් හිතුවා රත්තරන් වල සුලමුල හොයා බලන්න. ඇයි රත්තරන් මෙච්චර ගණන් කියල හොයල බලන්න. රත්‍රන් පස්සේ පන්නන කාටත් දැනගන්න ඔන්න මේක තමයි රත්තරන් ගැන ඇත්තම කතන්දරේ.

 

රත්තරන් කියන්නෙ සරලවම ලෝහයක්. කහ පැහැයට හුරු මෘදු ලෝහයක්. නමුත් විද්‍යාත්මකව පැහැදිලි කලොත් රත්තරන් කියන්නෙ පරමාණුක ක්‍රමාංක 79 න් දැක්වෙන, Au නමැති සිම්බල් එකෙන් හැඳින්වෙන, සාමාන්‍ය පරිසර තත්ත්වයේදී ඝනව පවතින ලෝහයක්. ඒ වගේම පහසුවෙන් සකස් කළ හැකි ලෝහයක්.

 

 

කලින් කිව්ව මෘදු බව, ඝනව පැවතීම සහ පහසුවෙන් සකස් කළ හැකිවීම කියන ලක්ෂණ වලට අමතරව රත්තරන් වලටම ආවේණික විශේෂ ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. රත්තරන් කියන්නෙ සියළුම ලෝහ වර්ග අතරින් ඉතාම පහසුවෙන් හැසිරවිය හැකි ලෝහයක්. එක රත්තරන් අවුන්සයක් සැතපුම් 50ක් දක්වා දුරකට අදින්න ඒ කිව්වේ දික් කරන්න පුළුවන්. ඒ වගේම එක රත්තරන් අවුන්සයක් වර්ග මීටර 9ක තනි පත්‍රයක් දක්වා පැතලි ලෙස සකස් කරන්නත් පුළුවන්. ඒ වගේම රත්තරන් වල තියෙන ඉහළ සන්නායකතාවය නිසා රත්තරන් වලට පුළුවන් සුළු කාලයකදී අපේ ශරීරයේ උෂ්ණත්වය සමඟ ගැලපෙන්නත්. ඒ වගේම රත්තරන් කියන්නේ ආහාරයට ගන්නත් පුළුවන් ලෝහයක්. ඔය පුංචි දරුවන්ට රන්කිරි කටගෑම කියල ලංකාවේ කරන්නෙත් රත්තරන් ස්වල්පයක් උරගාලා කිරි එක්ක මිශ්‍ර කර පෙවීම නේ. ඒ වගේම රට රටවල විවිධ කෑම බීම වර්ග සඳහා රත්තරන් යොදාගෙන තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේම රත්තරන් කියන්නෙ සාමාන්‍ය පරිසර තත්ත්වයන් යටතේ මළ නොබැඳෙන ලෝහයක්.

 

 

මේ කියන්න යන්නේ ස්වභාවිකව රත්තරන් හැදෙන හැටි හෝ ඒ පිළිබඳව ඉතිහාසය නෙමෙයි. ඒක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ කියන්න යන්නේ ස්වභාවිකව නිෂ්පාදනය වෙන රත්තරන් පාෂාණමය කුට්ටි වශයෙන් හොයාගත්තට පස්සේ නිෂ්කාශනය කරලා අපේ භාවිතයට සුදුසු පිරිසිඳු රත්තරන් විදිහට සකස් කරගන්න විදිහයි.  පොළව අභ්‍යන්තරය කැණීමෙන් සොයා ගන්නා රන් ලෝපස් කුට්ටි මූලිකවම පතලේදී සේදීමකට ලක් කරලා වැඩිදුර කටයුතු සඳහා මෝල් හෙවත් රත්තරන් සකස් කරන ස්ථාන වලට යැවීම සිදුකරනවා. එහිදී මේ ලෝපස් කුට්ටි ජලය සමඟ මිශ්‍ර කර ඇඹරීමකට ලක්කරනවා. ඊළඟ පියවර වන්නේ රසායනික ක්‍රියාවලීන් මඟින් රත්තරන් වෙන්කිරීම. අවසානයේ තවමත් ඉවත් වී නොමැති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා Flux නම් වූ රසායනික පිරිසිඳු කාරකය සමඟ රත්කිරීම සිදුකරනවා. ඒ සියල්ල අවසානයේ තමයි රත්තරන් කුට්ටි වශයෙන් ඝන බවට පත්කිරීම සිදුවෙන්නේ.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here