‘කපා කොටා මරනවා..’ පාර්ලිමේන්තු මන්ත‍්‍රීට නගරය මැදදී තර්ජන කරයි..

0
13

ගම්පොළ පුස්සැල්ලාව නගරය ආසන්නයේ මුල්ගල් තැබීමේ උත්සවයකට සහභාගි වූ තමාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහකාර මහලේකම් එස්. සෙල්වමුත්තු ඇතුළු පිරිසක් කපා කොටා මරා දමන බවට තර්ජනය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතා විසින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කොට ඇත.

වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුපක් ඉල්ලා ඔවුන් විසින් සිදු කරන උද්ඝෝෂණයක් අතරතුර පුස්සැල්ලාව නගරයේදී මෙම මරණ තර්ජනය සිදුකොට ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා පැමිණ ඇත්තේ ගණදෙවි කෝවිලක ඉදිකිරීමක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකටය.

ඉන් අනතුරුව තේ පානය කිරීම සඳහා ඔහු ඇතුළු පිරිසක් ඒ ආසන්නයේ නිවෙසකට ගොස් තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංව්ධානය කරන ලද කම්කරු වැටුප් වැඩි කිරීමේ උද්ඝෝෂණය ද මේ අතරතුර පුස්සැල්ලාව නගරය හරහා ගමන් කරමින් තිබී ඇත.

එහිදී පිරිසක් පැමිණ වේලු කුමාර් මන්ත්‍රීවරයාට තර්ජනය කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය සඳහන් කරයි.

ගණ දෙවි කෝවිල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ සහකාර මහ ලේකම් වන ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී සෙල්ලමුත්තු මහතා ද පැමිණ සිට ඇත.

එය අවසන්ව උද්ඝෝෂණයට සෙල්ලමුත්තු මහතා සහභාගි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා පවසයි. මන්ත්‍රීවරයාට තර්ජනය කර ඇත්තේ ඉන් අනතුරුවය.

– සුරංග දිල්හාන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here