කොරෝනා වැක්සීන් තරඟයෙන් කවුරු දිනයිද? – Saru News Media

0
6

කොරෝනා ආපු මුල් කාලේ පටන්ම ලංකාවේ අයත් හරි හරියට දේශීය ඔසු හොයාගත්තා. මුල් කාලේ කොරෝනාවට හෙළසුවය මගින් දුම් හට්ටියක් නිර්දේශ කෙරුණා. ඉන් පසුව වෛද්‍ය චන්න ජයසුමන ඇමතිතුමා සුදර්ශන පැණිය කොරෝනා වෙනුවෙන් හොඳ යැයි නිර්දේශ කළා. පසුකාලීනව තවත් පැණියක් කොරෝනා වලට ඇවිත් මහත් ආන්දෝලනයක් ඇති කළා. ඉතින් මේ වගේ දේශීයව සාර්ථක පර්යේෂණ රැසක් තිබුණත් අපිත් කොරෝනාවෙන් වැළකෙන්න එන්නත් රටින් එනවා නම් හොඳයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ එන්නත් ගැන ඇතිවෙන කතාබහ විස්තර ගැන අපි ටිකක් හොයා බලමු..

 

මොඩර්නා සහ ප්ෆයිසර් එන්නත් වලදී කොරෝනා වෛරසයේ ජානමය කේත හෙවත් ආර් එන් ඒ කොටස් වෙනස් කරනවා. ඉන් පසු ඒ ආර් එන් කොටස් වලට ට්‍රිගර් වෙන අපේ සිරුර වෛරස ප්‍රෝටීන නිෂ්පාදනය කරගන්නවා. එතනදී සම්පූර්ණ කොරෝනා වෛරසයම සිරුර තුළ නිර්මාණය වෙන්නේ නැහැ. ඇතිවන්නේ ආර් එන් ඒ කොටස් වලින් වැඩිදියුණු කරපු ප්‍රෝටීන විශේෂයක් විතරයි. ඉතින් මේ ප්‍රෝටීන දැකපු අපේ සිරුර හිතනවා ‘අඩේ දැන් වෛරස් එක ඇටෑක් කරන්න තමයි එන්නේ’ කියලා. ඉන් පස්සේ වෛරස් එකට වගේම අර ප්‍රෝටීන වලටත් එරෙහි ප්‍රතිදේහ සිරුර තුළ නිපදවා ගන්නවා. එම් ආර් එන් ඒ හෙවත් ආර් එන් ඒ කොටස් වැඩිදියුණු කරලා එන්නත හදන ප්ෆයිසර් යොදාගන්නා තාක්ෂණය නැවුම් එකක්. ඒකෙදි ඒ ක්‍රමය මෙතෙක් රෝගවලට එන්නත් නිපදවන්න වැඩිපුර පාවිච්චි කරපු ක්‍රමවේදයක් නෙමෙයි.

 

ප්ෆයිසර් එන්නත එක්සත් රාජධානියේ පුළුල් ලෙස විදින්නට අනුමත වුණා. එහිදී කිහිප දෙනෙකුට යම් ආසාත්මිකතාවයන් ඇතිවුණත්, එන්නත් ලබාදීම බොහෝදුරට සාර්ථක වුණා. ඒ ප්ෆයිසර් එන්නත මගින් 95%ක් පමණ සාර්ථක වන බව සොයා ගැනුණා. ෆයිසර් එන්නත මුල් වටයේදී ඇමරිකාවේ වෛද්‍ය කාර්යමණ්ඩල වලට විදින්නට නියම වෙලා තියෙනවා. ඒ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමත් ඒක ඇමරිකාවේ නැවුම් සොයාගැනීමක් ලෙස උදම් අනලා තිබුණා. ප්ෆයිසර් එන්නත දීමේදී එම එන්නත සති තුනක් තුළ දෙවතාවක් දෙන්නට වෙනවා. පළමු වර එන්නත ලබා දී දින හතකින් පසුව දෙවැනි වර එන්නත ලබාදිය යුතු වෙනවා.

 

අපි කලින් පෝස්ටුවක මේ කොරෝනා වළක්වන එන්නත් මුහුණ පාන අභියෝග ගැන පුළුල්ව කතා කළා. ඒ අනුව මේ ෆයිසර් එන්නතත් අනුමත තත්ත්වයන් යටතේ බෙදාහැරීම, ගබඩා කිරීම ගැටළුවක් වෙලා තියෙනවා. මේ ප්ෆයිසර් එන්නත ගබඩා කළ යුතු වන්නේ, ප්‍රවාහනය කළ යුතු වන්නේ සෙල්සියස් අංශක -70ක උෂ්ණත්වයේ තබාගෙන. මේ උෂ්ණත්වය ලබාගන්න වෙනමම ශීතාගාර සහ ගබඩා පහසුකම් උවමනා වෙනවා. කොටින්ම වියළි අයිස් වල තිබ්බත් -70 උෂ්ණත්වය පවත්වාගන්නට බැහැ. මේ ගබඩා සහ ප්‍රවාහන ගැටළු නිසාම එන්නත ලබාදීමටත් සැළකිය යුතු කාලයක් ගතවන බව වාර්තා වෙනවා. මෙයින් ආකෘතියෙන් ප්ෆයිසර් වලට සමාන මොඩර්නා එන්නතට ප්ෆයිසර් වලට තරම් -70 සෙල්සියස් උෂ්ණත්වයක් උවමනා නැහැ. එම වැක්සීනය සෙල්සියස් උෂ්ණත්වය -20 යටතේදිත් තබාගන්නට පුළුවන්.

 

චීනයේ රජයේ කොම්පැණියක් තියෙනව සයිනෝවැක් කියලා. ඒ කොම්පැණියෙනුත් වැක්සීන් එකක් ඩිවලොප් කරලා දැන් ඒක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලක්ෂ ගාණකට එන්නත් කරලායි තියෙන්නේ. ඒ වගේම ඉන්දුනීසියාවේත් ලක්ෂ ගණනක් ජනතාවට මේ සයිනෝවැක් කොරෝනාවැක් එන්නත විද්දා. එතනදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කරපු පර්යේෂණ වලින් මේ එන්නත 86%ක පමණ සාර්ථකත්වයක් පෙන්නුම් කරනවාය කියලා සොයාගෙන තියෙනවා. සයිනෝවැක් වැක්සීන් එක සෙල්සියස් අංශක -2-8 මට්ටමේ තිබුණාම හොඳටම ඇති.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here