චීන ස්මාට්ෆෝන් මේතරම් මිල අඩුවට දෙන්නේ කොහොමද? – How Chinese smartphone so cheap – Saru News Media

0
7

චීනයේ නිශ්පාදනාගාර වල නිපවෙන ජංගම දුරකථන ගතහොත් ලොව භාවිතා වන ස්මාට්ෆෝන් අතරින් 90%කට වඩා නිපදවෙන්නේ චීනයේ. ඇපල් වැනි සමාගම් සිය පර්යේෂණාගාර ඇමරිකාවේ පිහිටුවා තිබුනත් ඔවුන්ගේ නිශ්පාදන සිදුවන්නේ චිනයේ අඩු මිල ශ්‍රමය යටතේ. ස්මාට්ෆෝනයක් නිපදවීමේ දී චීනය මග හැර එය නිපදවීමේ හැකියාව ඇත්තටම අඩුයි. වෙනත් රටක අභිමානවත් නිපැයුමක් ලෙස දැක්වූවත් ස්මාට්ෆෝනයකදී ප්‍රොසෙසර්, නිමාව, ඩිස්ප්ලේ, බැටරි, කැමරා, ආදී කුමන හෝ කොටසක් චීනයේ නිපදවා හෝ එකලස් කර තිබීමේ හැකියාව බොහෝම වැඩියි.

අන්තර්ජාලයේ ඊබේ, එලි එක්ස්ප්‍රස්, බෑංග්ගුඩ්, ගියර්බෙස්ට් වැනි අඩවිවල දැකුම්කළු දර්ශනීය මනා නිමාවකින් යුතු චීන දුරකථන විවිධ නම්වලින් තිබෙනවා. ඒ අතර Meizu,Xioami, Elephone, Hamtom, Gionee, Doogee, Umi, Le Eco, Le Tv, Lenovo, ZTE, Huawei ආදී ජංගම දුරකථන තිබෙනවා. ඒ සෑම එකක්ම පාහේ ජාත්‍යන්තර වෙළදපොලේ ජනප්‍රිය සැම්සුන්, එල් ජී, සෝනි වැනි ජංගම දුරකථන වලට වඩා මිලෙන් අඩුයි. ඇත්තටම කොහොමද ඒ තරමට මිල අඩුවෙන් චීනේ ජංගම දුරකථන හදන්නේ

අපි ඒ ගැන හොයාබලමු.

 

Xioami, හුවාවේ, Lenovo, ZTE, කියන්නේ චීනේ මෙන්ම චීනයෙන් පිටත් බොහෝම ජනප්‍රිය වූ ජංගම දුරකථන මාදිලි හදුන්වාදුන් සමාගම්. ඒවායේ දී නම් භාවිතා වන  ඉහල මට්ටමේ ඩිස්ප්ලේ, ප්‍රොෙසසර්, මෙටලින් නිමාව ආදී කාරණා වලදී ඒ ප්‍රකට චීන සමාගම් විශිෂ්ඨ ලෙස ජංගම දුරකථන ඉදිරිපත් කරන්නට සමත් වී තිබේ.

ඔන්ලයින් ස්ටෝරු වල අඩුවට තිබෙන වර්ණවත් ස්මාට්ෆෝන් වල පවා ඉහල මට්ටමේ පහසුකම් ඇති බැව් බැලූ බැල්මට පෙනේ. බොහෝ අඩු මිල ස්මාට්ෆෝන් සදහා චීනයේදී භාවිතා කරන්නේ මීඩියාටෙක් ප්‍රොසෙසර වේ. මීඩියාටෙක් චිප්සෙට් වල මිල ගණන් ස්නැප්ඩ්‍රැගන් ක්වල්කොම් වලට වඩා සැලකිය යුතු ලෙසින් මිල අඩුය. චීනයේ ස්මාට්ෆෝන් රැසකම ඇත්තේ සැම්සුන් හෝ සෝනි කැමරාය. එම කැමරා කට්ටල වඩාත් අඩුමිලට ලබාගැනීමට චීනය සමත්ය.  ඩිස්ප්ලේද ඉහල රෙසලූෂන් සහිත එහෙත් තත්වයෙන් මඳක් අඩු ඩිස්ප්ල් බොහෝවිට චීන ස්මාට්ෆෝන් සදහා භාවිතා කරනු ලැබේ. ස්මාට්ෆෝනයක් නිපදවීමට අවශ්‍ය බොහෝ අයිතම කොටස් වල අයිතිකරුවන් වෙන රටවලද සිටිය හැකි වුවත් නිශ්පාදනය සිදු වන්නේ චීනය තුලදීමය. තනි රටකදි නිපදවෙන නිසා නැව් ගාස්තු, ප්‍රවාහන ගාස්තු , අමතර බදු ආදියෙන් තොරව රට තුලදීම සම්පූර්ණ ස්මාට්ෆෝනයම නිපදවාගැනීමට හැකිවීම ස්මාට්ෆෝන වල මිල අඩුකරගැනීමට චීනාට ඇති තවත් මහත් වාසියකි.

 

ලොව පුරා තාක්ෂනික නිමැවුම් වල නිශ්පාදනාගාරය බවට දකුණු චීනයේ ගුවාංශු පලාත පත් වී තිබෙන්නේ ආශ්චර්යයකින් නොවේ. නිශ්පාදන වියදම අඩුවෙන් පවත්වාගෙන යෑම කෙරෙහි බලපාන අඩුමිල ශ්‍රමය, ලාබදායී ප්‍රවාහන පහසුව, කර්මාන්ත ඇරඹීමේ පහසුව ,ඉඩ වෙන්කරගැනීමේ පහසුව ආදී බොහෝ කාරණා වලදී දකුණු චීනය නිෂ්පාදකයින්ට වාසි ගෙන දේ. එම පසුබිම යටතේ නිපදවෙන හෙයින් චීනය තුලදී වෙන්ත රටවල තාක්ෂණික නිශ්පාදන වලට මෙන්ම චීනයේම නිපදවෙන ස්මාට්ෆෝන සදහාද සැලකිය යුතු වාසියක් ලාබයක් ලැබේ.

 

ස්මාට්ෆෝන් යනු නිතර අලුත්වෙන තාක්ෂණික ක්ෂේත්‍රයකි. එහිදී හුවාවේ, ස්යමි, ලෙනවෝ වැනි දැවැන්ත චීන ස්මාට්ෆෝන් සමාගම් හැරුණු කල අනෙකුත් නිෂ්පාදන සමාගම් පර්යේෂණ වලට කරන ලබන ආයෝජන අඩුය. එම නිසාම චීන ස්මාට්ෆෝන් බොහොමයක කල්පැවැත්ම පිළිබඳ ඇත්තේ ගැටළුකාරී තත්වයක් සෑම කලකදීම පවතී.

* ෆෝන් එක අනවශ්‍ය ලෙස රත්වීම.

* සම්බන්ධ කරන චාජ් පින් ඕඩියෝ ජැක් ආදිය ඉක්මනින්ම සවුත්තු වීම.

* සුළු ගැස්සීමක් වැටීමක් හමුවේ වුව ඉක්මණින් කැඩී බිදී යෑම.

* දෝෂ සහගත තත්වයන් ඉක්මණින්ම ළඟාවීම

වැනි දොස් චීන ස්මාට්ෆෝන් වෙත ලෙහෙසියෙන් ලගා විය හැකිය.  සෑම සියලු චින ස්මාට්ෆෝනයක්ම මෙසේ නොවන අතර විශාල මිල අඩුවිමක් පෙන්නුම කර විකුණුම් කරන ෆෝන් මෙවන් දෝෂ සහගත තත්ව කෙරෙහි ඉක්මණින්ම ලගා වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here