මී පැණි වලින් ලස්සන වෙමු – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
6

මී පැණි ඉතාම හොඳ මුහුණ පිරිසිදු කරන ද්‍රව්‍යයක්. මෙමගින් සමේ සමතුලතා වලට හානි නොකරම සමේ විෂබිජ සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාර වනවා. මි පැණි ප්‍රබල ලෙස ප්‍රති-ආසාදකයක් සහ probiotic කාරකයක් වන අතර සමේ තෙතමනය රැකගනිමින් එයට පෝෂණය හා දීප්තිය ලබා දෙනවා. දැන් බලමු මී පැණි වලින් ලස්සන වෙන්නේ කොහොමද කියලා.

කිරි තේ හැන්දක් පමණ ගෙන ඊට මී පැණි තේ හැඳි 4ක් එකතු කරන්න.තලපයක් සේ ඝන වූ විට මාස්ක් එකක් ආකාරයට මුහුණ ආවරණය වන සේ හොඳින් තවරාගන්න.

විනාඩි 10ක් හෝ 20ක් තබා සම පිරිමදිමින් පසුව මෙය සෝදා හරින්න.

මෙය වියළි, තෙල් සහිත හෝ සාමාන්‍ය සමකට යෝග්‍යයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here