සල්ලි තියෙන දවසක ගන්න පුළුවන්, අනාගතයට ගැලපෙන විදියේ සුපිරි ලැප්ටොප් උපාංග කීපයක්! – Saru News Media

0
7

ඉස්සර කාලේ මිනිස්සුන්ව හඳට යවපු කොම්පියුටරේ ඒ කාලේ විදියට බොහොම දියුණු යන්ත්‍රයක් වුනාට, අද කාලේ ස්මාට්ෆෝන් එකකින් දාහෙන් පංගුවකටත් අඩු පරිගණක බලයක් තමයි ඒකට තිබුණේ. ඇත්තටම Apollo 11 කොම්පියුටරේ ක්ලොකින් ස්පීඩ් එක යන්තම් 4.077MHz ක් වගේ වුනේ. දැන් තියෙන නිකම් ගේම් ගහන්න, වර්ඩ් ඩොකියුමන්ට් එකක් අමුණගන්න පාවිච්චි කරන ලැප්ටොප් යන්තරයක් වුනත් ඒ කාලේ හීනෙන්වත් හිතන්න බැරි තරමට ප්‍රබලයි. එහෙමයි කියලා ලැප්ටොප් දියුණු වෙන වේගය අඩු වෙන්නෙත් නෑ. ඇත්තටම අද කාලේ සමහර ලැප්ටොප් යන්තර තියෙනවා, දැක්කහම අපිට හිතෙනවා මෙව්වා ෂුවර් එකටම අනාගතේට ගැලපෙන මැෂින් තමයි කියලා. හැබැයි ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ට ගන්න පුලුවන් මිල ගණන් වලට නෙවෙයි මෙව්වා අලෙවි වෙන්නෙත්. ඒත් මොකද, සල්ලි තියෙන දවසක ගන්න පුළුවනිනේ. එතකල් බලලා සැනසෙන්නයි තියෙන්නේ!

 

 

ඇත්තටම ස්පේස් ෂිප් එකක් වගේ පේන මේ ලැප්ටොප් පරිගණකය සාමාන්‍යයෙන් මේ කාලේ දකින්න ලැබෙන ලැප්ටොප් නියමයක් වෙනස් කරනවා. ඒ තමයි ලැප්‍ටොප් එකක් නවීන වෙන්න වෙන්න ඒකේ ප්‍රමාණය සහ හුරුබුහුටි බව වැඩිවෙනවා කියන එක. මේකේ වෙන්නේ අනික් පැත්ත. මේක සාමාන්‍ය ලැප්ටොප් එකකට වඩා හැඩිදැඩියි. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍ය ලැප්ටොප් එකක වගේ මේකේ හාඩ්වෙයාර් කෑලි තියෙන්නේ කීබෝඩ් එක යට නෙවෙයි, ස්ක්‍රීන් එක පිටිපස්සේ. ඒකේ වාසිය මොකද්ද? කීබෝඩ් එක ගලවලා අරගෙන ඕන තරම් ඈතක ඉඳලා පාවිච්චි කරන්න පුළුවන්. කීබෝඩ් එක වයර්ලස් ක්‍රමයට ස්ක්‍රීන් එකට සම්බන්ධ වෙනවා. මේක ගේමින්ග් ලැප්ටොප් එකක් විදියට නිර්මාණය කරලා තිබුණත්, මේ විශේෂත්වයත් එක්ක තව භාවිතයන් ගණනාවකටම යොදාගන්නත් පුළුවන්!

 

අපි දන්න කියන ඕනම ලැප්ටොප් එකක ස්ක්‍රීන් එකයිනේ තියෙන්නේ. හැබැයි ස්ක්‍රීන් දෙකක් තියෙන ලැප්ටොප් නැද්ද? තියෙනවා. ඒත් ලැප්ටොප් එක ඇතුළේම දෙවෙනි ස්ක්‍රීන් එකක් තියෙන විදියේ මොඩ්ල් එකක් නම් මීට කලින් ඇවිත් නෑ.

ඒ අඩුව පුරවන්න ඔන්න තියෙනවා HP සමාගමේ HP Omen X 2S ලැප්ටොප් එක. මේකේ කීබෝඩ් එක තියෙන්නේ ලැප්ටොප් බඳේ පහතට වෙන්න. එතකොට ඉහළින් ඉතුරු වෙන තීරුවේ අඟල් 6 ක ප්‍රමාණයේ දෙවෙනි ස්පර්ෂ තිරයක් ස්ථාපනය කරලා තියෙනවා. ගේම් එකක් ගහන අතරතුරේදී ඔන්-ගේම් චැට් එක ඕන නම් මේ ස්ක්‍රීන්  එකට ගේන්න පුළූවන්. වැඩක් කරමින් ඉන්න අතරේ ඕන නම් ෆේස්බුක් හරි වට්ස්ඇප් හරි චැට් එක මේ ස්ක්‍රීන් එකට ගේන්න පුළුවන්. මේ දෙවෙනි ස්ක්‍රීන් එකෙන් තව හිතලා මතලා ගන්න පුළුවන් වැඩත් බොහෝමයි!

 

HP සමාගමෙන් ස්ක්‍රීන් දෙකක ලැප්ටොප් එකක් ගැහුවට පස්සේ ASUS සමාගමටත් ඕන වුනා ඒ වගේම වැඩක් කරන්න. ඒ අය කරපු දේ, HP සංකල්පය තව ඉස්සරහට ගෙනිච්චා. දැන් අර කීබෝඩ් එක තියෙන ලැප්ටොප් බොඩි එකේ ඉහළ ඉතුරු වෙලා තියෙන සම්පූර්ණ තීරුවේම අඟල් 14 ක දෙවෙනි ස්පර්ෂ තිරයක් තියෙනවා. ඇඟිල්ලෙන් හෝ ස්ටයිලස් පෑනක් ආධාරයෙන් මේකේ කටයුතු කරන්න පුළුවන්. ඇත්තටම දිග තීරුවක් විදියට තියෙන මේ දෙවෙනි තිරය එක්ක බොහොම පහසුවෙන් වීඩියෝ එඩිටින් කරන හාදයොන්ට පුළුවන් තමන්ගේ අර එඩිටින් ට්‍රැක්ස් ටික දෙවෙනි තිරේට ගේන්න. ඒ නිසා ප්‍රධාන තිරයේ සෑහෙන ඉඩක් ඉතුරු වෙනවා. මීට අමතරව තව බොහෝමයක් වැඩකටයුතු මේ ඔස්සේ ඉෂ්ට කරගන්න පුළුවන්.

 

දැන් ඔය නවීන ස්මාට්ෆෝන් වල නිෂ්පාදකයෝ උත්සාහ කරන්නේ පුළුවන් තරම් ඉහළ තිර ප්‍රමාණයක්, කුඩා ස්මාට්ෆෝන් බඳක් ඇතුළේ අන්තර්ගත කරන්නනේ. ඒකම ඔන්න ලැප්ටොප් නිෂ්පාදකයොත් පටන් අරගෙන. ඒකේ එක සාර්ථක උත්සාහයක් තමයි ​මේ ගේමින්ග් ලැප්ටොප් එක. මේක සාමාන්‍යයෙන් අඟල් 15 ක් ප්‍රමාණයේ තිරයක් තියෙන ලැප්ටොප් එකකට ප්‍රමාණයෙන් සමානයි. හැබැයි ඇත්තටම නම් මේකේ අඟල් 17 ක තිරයක් තියෙනවා. ඒ කියන්නේ දෙපැත්තේ සහ ඉහළ දාරයන් හැකි උපරිමයෙන් සිහින් කරලා තියෙන්නේ. මේක හදපු අය කියන්නේ ප්‍රබල ඩෙක්ස්ටොප් මැෂින් එකකින් ලබාදෙන විදියේ ගේමින්ග් අත්දැකීමක් කිසි කරදරයක් නැතුව මේ ලැප්ටොප් එකෙන් ලබාගන්න පුළුවන් කියලා තමයි!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here