කාන්තාවෝ හුඟ දෙනෙකුට කරදරයක් වෙන අක්‍රමවත් ඔසප් චක්‍රය – Saru News Media

0
5

මේක කාන්තා ටොපික් එකක්. ඒ කිව්වේ පිරිමින්ට කියවන්න එපා කියලනම් නෙමෙයි. වැඩිපුර වැදගත් වෙන්නෙ කාන්තාවන්ට. 

මේ කතා කරන්න යන්නෙ අක්‍රමවත් ඔසප්වීම ගැනයි. අදකාලෙ හුඟක් කාන්තාවො මුහුණ දෙන ප්‍රශ්නයක් මේක. අපි හැමෝම දන්නවනෙ ඔසප් වීම කියන්නෙ වැඩිහිටි කාන්තාවො හැමදෙනෙක්ම මාසිකව මුහුණදෙන සංසිද්ධියක් කියල. පළමු ඔසප්වීම එහෙමත් නැත්තම් පොදු ව්‍යවහාරයේ අපි වැඩිවිය පත්වීම කියන කාරණය සිද්ධ උනාට පස්සෙ සාමාන්‍යයෙන් අවුරුදු දෙකක කාලයක් ගතවෙන්න පුළුවන් මාසික ඔසප්වීම හරියාකාරව සිද්ධ වෙන්න පටන් ගන්න. හැබැයි ඊට පස්සෙ මාසයකට වරක් ඒ කියන්නෙ දින 28කට වරක් මේ ඔසප්වීම සිදුවෙන්න ඕන. එහෙම නොවෙනව කියල කියන්නෙ ඒ ගර්භාෂය සහ ඔසප් චක්‍රය ආශ්‍රිත මොකක්හරි ගැටළුවක්. ඉතින් ඒ වගේ අවස්ථා ගැනයි මේ කතා කරන්න යන්නෙ.

 

කලිනුත් කිව්ව වගේ ගැහැණු දරුවෙක් වැඩිවිය පත්වීම එහෙමත් නැත්තම් පළමු ඔසප්වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 12ත් 13ත් වගේ කාලයේදී සිද්ධ වෙන්න පුළුවන්. මේ වයස ටිකක් එහෙමෙහෙ වෙන්නත් පුළුවන්. කොහොම උනත් මේ ඔසප්වීම කියල කියන්නෙ ගර්භාෂය ආශ්‍රිතව සිදුවෙන දෙයක්. හැම මාසෙකම ඩිම්බයක් නිකුත් වෙන්න කලින් කළලයකට වර්ධනය වෙන්න සුදුසු පරිසරයක් හදන්න ගර්භාෂ බිත්තිය වටේට තියෙන හම ඝනකම බිත්තියක් සකස් කරනවා. හැබැයි කළලයක් සකස් කෙරෙන්න ඩිම්බයට අවශ්‍ය ශුක්‍රානුවක් හමුවුනේ නැති උනහම මේ බිත්තිය කැඩිල ශරීරයෙන් ඉවත් වෙනවා. ඒක තමයි රුධිරය විදිහට යෝනි මාර්ගය හරහා පිටවෙන්නෙ. මේ කාර්යය සිදුවෙන්නෙ මාසෙකට එහෙමත් නැත්තම් දින 28කට සැරයක්. හැබැයි සමහර කාන්තාවන්ට මේ ක්‍රියාව දින 21 – 35 අතර කාලය තුල සිදුවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්.

 

තත්ත්වය අසාමාන්‍ය වෙන්නෙ දින 21කට කලින් හෝ දින 35කට පස්සෙ ඔසප්වීම සිදුවෙනවනම්. සාමාන්‍යයෙන් කාන්තාවකට වසරකට ඔසප්වීම් 11ත් 13ත් අතර ප්‍රමාණයක් සිදුවෙනවා. එහෙම නොවීම ගැටළුවක්. ඒ වගේම මේ කියන අනිත් කාරණා ලක්ෂණ විදිහට පෙන්නුම් කරනවානම් ඒවත් ගණන් ගැනෙන්නෙ අක්‍රමවත් ඔසප් චක්‍රයක ලක්ෂණ විදිහටයි.

 

ඔසප් චක්‍රය සම්බන්ධ ගැටළු ඇතිවෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ හෝර්මෝන සම්බන්ධව පවතින ගැටළු. මේ ඔසප් චක්‍රය පාලනය කිරීම සිදුකරන්නෙ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝර්මෝන දෙවර්ගය. පිටතින් ලබාගන්න උපත් පාලන පෙති වගේ විවිධ හේතු නිසා ශරීරයේ මේ හෝර්මෝන තත්ත්වය වෙනස් වීම ඔසප් ගැටළු ඇතිවෙන්න හේතු වෙනවා. ඊට අමතරව මේ හේතු නිසාත් ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇතිවෙන්න පුළුවන්.

 

අපි කලිනුත් කිව්වා වගේ මේ අක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින්න ශරීරයේ වෙනත් සෞඛ්‍යමය ගැටළුවක් අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් ඒ ගැටළු පසුකාලීනව දරුඵල සම්බන්ධ ගැටළු පවා ඇතිකරන සංකුලතා බවට පත්වෙන්න පුළුවන්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here