ඒසී රූම් එකක වැඩි වෙලාවක් ඉන්න කෙනෙක්ට ස්කින් කෙයා (Skin Care) ටිප්ස් 7ක් – Saru News Media

0
5

අපි කවුරුත් ඉතින් ඔෆිස් එකට ගියාම වැඩි හරියක් ඉන්නෙ ඒසී එකේ. ගෙදරත් ඒසී තියෙනව නම් තවත් වැඩිපුර කාලයක් අපි ඒසී එකට නිරාවරණය වෙනවා. ඉතින් ඒසී වල ඉන්නකොට හම ගොඩක් වේලෙන්න බලනවා. ඒ වගේම තොල් පැලීම් උනත් වෙන්න පුළුවන්. ඉතින් සම සහ තරුණ පෙනුම ගැන හිතන කෙනෙක්ට ඒසී එකක ඉද්දි ඇතිවෙන්න පුළුවන් මේ ගැටළු වලට සාර්ථක විසඳුම් ලබාගන්න වැදගත් වෙන ටිප්ස් ටිකක් තමයි මේ කියලා දෙන්න යන්නෙ. 

 

සම වේලීම වැළැක්වීමට දිනකට දෙතුන් ​වතාවක් අත් පා වල මොයිස්චරයිසර් ගැල්වීමෙන් ඒසී එකෙන් හමට වෙන හානිය ගොඩක් වළක්වගන්න පුළුවන්. ඒ වගේම මුහුණටත් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මේකප් කරන්න කලින් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරලා මේකප් කරන්න. හොඳ බ්‍රෑන්ඩ් එකකින් ක්‍රීම් එකක් ගන්න වගබලාගන්න. ඒ වගේම සම වියලීමත් එක්ක තොල් පැලෙන්න බලනවා. ඒකට විසඳුමක් විදියට හොඳ ලිප්බාම් එකක් යූස් කරන එකත් පුරුද්දක් කරගන්න. ඔයාලගෙ ගෙදර බෙඩ් රූම් එකත් ඒසී කරලා නම් අනිවාර්යයෙන් රෑට මුළු ඇඟටම බොඩිලෝෂන් එකක් ආලේප කරන්නත්, ලිප් බාම් සහ මූණට නයිට් ක්‍රීම් එකක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.

 

මුහුණේ තෙතමනය රඳවාගන්න කරන්න පුළුවන් හොඳ ප්‍රතිකාරයක් තමයි මේ. ලංකාවේ විවිධ බ්‍රෑන්ඩ් වලින් ෆේස් මිස්ට් ගන්න තියනවා. පර්ස් එකේ දාගෙන යන්න පහසු වෙන විදියට එකක් තෝරගන්න. මේකප් එකක් ඒ විදියටම රඳවා ගන්නත් මේ ෆේස් මිස්ට් ස්ප්‍රේ එක ගොඩක් උදව් වෙනවා. මේකප් එකට කලින් මොයිස්චරයිසර් ගෑවට පස්සෙ මුහුණේ සම වේලෙන්න නොදී සමේ තෙතමනය රඳවගන්න මේ ෆේස් මිස්ට් හරිම ප්‍රයෝජනවත්. 

 

ඒසී එකේ ඉන්නකොට හම වගේම ශරීරයම විජලනයට පත් වෙනවා. ඒ නිසා අපේ ඇඟට වතුර ගොඩක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් දවසට වතුර ලීටර් 3ක්වත් බොන්න ඕනේ. දවසම ඒසී වල ඉන්නකොට ඉතින් ඒ ප්‍රමාණය නොවරදවාම බොන්න පුළුවන් නම් ඇඟට ගොඩක් හොඳයි. සාමාන්‍ය වතුර වගේම ඩීටොක්ස් වෝටර් ඒ කියන්නෙ වතුරට කසකසා ඇට, පිපිඤ්ඤා, මිංචි කොළ එහෙම දාලා තියලා බොනවනම් ඒකත් ඇඟට ගොඩාක් හිතකරයි. ඔෆිස් අරන් යන්න පුළුවන් ලස්සන ඩීටොක්ස් වෝටර් බොට්ල්ස් ඕන තරම් ගන්න තියෙනවා. 

 

සමට පිටතින් විතරක් කරන ප්‍රතිකර්ම සමේ නිරෝගී බව රැකගන්න ප්‍රමාණවත් නැහැ. සම ඇතුළතින්ම පෝෂණය කරන්න ඕන. ඔයාලගෙ එදිනෙදා ආහාර රටාවට එළවළු හා පළතුරු එකතු කරගැනීම ගොඩක් වැදගත්. ඒසී එක නිසාම හම වියළිලා යන එක වළක්වගන්න වගේම සමේ පැහැපත් බව රැකගන්න, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නත් මේ වගේ ආහාර රටාවක් ඔයාට ගොඩක් වැදගත්. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here