මුහුණට ආලේප කරන්න ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් ටෝනර් වර්ග 7ක් – Saru News Media

0
10

පහුගිය දවසක අපි කතා කළා ගෙදරදීම සරලව Cleanup එකක් කරගන්න විදිහ ගැන. සැලෝන් එකකට ගිහින් මේ සත්කාරය කරගන්න යන අධික වියදම සහ කාලය හිඟකම නිසා මුහුණට ලැබෙන්න ඕන සත්කාර නොකර ඉන්න අවශ්‍ය නැහැ කියලා ඒක කියවපු හැම කෙනෙකුටම තේරෙන්න ඇති. හැබැයි මේ cleanup ඒක කරගනිද්දී අපිට ඕනවෙන scrub, toner, face pack වගේ නිෂ්පාදන කිහිපයක් තියෙනවා. ඒ අතරිනුත් අපි මුහුණට සුදුසු ෆේස් පැක් ගැන මීට කලින් කතාකළා මෙන්න මේ ලිපියෙන් 

 

අද මේ කතා කරන්න යන්න cleanup එකේදී වගේම එදිනෙදා ජීවිතයේදීත් අපිට වැදගත්වෙන මුහුණට ආලේප කරන්න සුදුසු ටෝනර් වර්ග කිහිපයක් ගෙදරදීම හදාගන්න හැටි. හරිම සරලයි වගේම වියදමත් බොහොම අඩුයි. අනික ස්වභාවික ද්‍රව්‍ය නිසා ශරීරයට අහිතකර වෙන්නෙත් නැහැ. 

ටෝනර් එකක් කියන්නෙ මොකක්ද කියල සරලව කිව්වොත් ඒක මුහුණ පිරිසිඳු කරගත්තට පස්සේ වැඩි ආරක්ෂාවට ආලේප කරන දියරමය ආලේපනයක්. මුහුණ පිරිසිඳු කරන්න අපි යොදාගන්න ක්ලේන්සර් සහ ස්ක්රබ් වර්ග ආලේපයේදී මුහුණේ සම මත තියෙන අපේ පියවි ඇසට නොපෙනෙන ඉතාම කුඩා සිදුරු විවෘත වෙනවා. ඒවා විවෘත වෙලා ඒ තුළ තියෙන කුණු, දුහුවිලි පිරිසිඳු වෙලා ඉවතට ගියාට ඒ සිදුරු ක්ෂණිකව වැසීම සිදු නොවෙන නිසා නැවත එළිමහනට ගියාම ඉක්මනින් කුණු, දුහුවිලි මේ සිදුරු වලට ඇතුළත් වෙන්න පුළුවන්. එතකොට තමයි කුරුලෑ වගේ තත්ත්වයන් ඇතිවෙන්නේ. මේ ගැටළුව වළක්වන්න පුළුවන් ටෝනර් එකකට. මුහුණ පිරිසිඳු කරගත්තට පස්සේ අපි අලේප කරන ටෝනර් එක මඟින් මුහුණේ සිදුරු වසා දැමීම සිදුකරනවා. ඒ වගේම අපි ආලේප කරන ෆේස් වොෂ්, ක්ලේන්සර්, ස්ක්රබ් වගේ දේවල් වල pH අගය 100%ක් අපේ සමේ pH අගය එක්ක සමාන වෙන්නෙ නැහැ. මේ ගැටළුවටත් විසඳුමක් තමයි ටෝනර් ඒක. හොඳ ටෝනර් එකක් මඟින් මුහුණේ pH අගය සමතුලිත කිරීම සිදුකරනවා.  

 

කෝමාරිකා කියල කියන්නෙ සමට ඉතාම ගුණදායී ස්වභාවික නිමැවුමක්. කෝමාරිකා වල තියෙන ප්‍රතිබැක්ටීරීය ගුණය නිසා සම මත ආසාදන තත්ත්වයන් ඇතිවීම පාලනය වෙනවා. ඒ වගේම කෝමාරිකා කියල කියන්නෙ මුහුණේ ලප කැළැල් මකාදමන්න පුළුවන් විශ්මිත ආලේපයක්. මේ කෝමාරිකා ටෝනර් එක වඩාත්ම සුදුසු වෙන්නෙ වියළි සමක් තියෙන අයට. කොහොමද බලමුකෝ මේ පහසු ටෝනර් එක හදන්නේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

 

 

මේ සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පොඩි බෝතලයක දාල ෆ්‍රිජ් ඒකෙ යට කොටසේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here