රාමායණයේ අප්‍රකට චරිත – Saru News Media

0
9

මීට ටික කාලෙකට කලින් අපි රාම සීතා ඇතුළු පිරිසට රාවණා රජතුමාව  පරාජය කිරීමෙන් පස්සේ අත්වුණු ඉරණම පිළිබඳව ආටිකල් එකක් ඔබ වෙත ගෙන ආවා. ඒ සඳහා ඉහළ මට්ටමේ ප්‍රතිචාරයක් ලැබුණු බවත් මතක් කරන්න ඕන. අපි අද හිතුවා රාමායණය තුළ සඳහන් වෙන, ඒ වුණාට ලංකාවේ  අපි වැඩිපුර නොදන්න චරිත කිහිපයක් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ සම්බන්ධව තවත් ආටිකල් ලියන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

සීතාවගේ සහෝදරියක වූ උර්මිලා විවාහ කරගත්තේ ලක්ෂ්මණවයි. රාමා සීතා සහ ලක්ෂමණ වන වාසයට පිවිසෙද්දි ඇයත් වන වාසයට පිවිසීමට උත්සාහ කළත් ලක්ෂ්මණ විසින් එම උත්සාහය වළක්වනු ලැබුවා. ලක්ෂ්මණ වන වාසයට පිවිසුණු පළමු දිනයේදී නින්දට අධිපති දෙවඟන වන නිද්‍රා දේවිය පැමිණ ඔහු නිදා ගත යුතු බව පැවසුවා. තම සහෝදරයා සහ නෑනා   ආරක්ෂා කිරීම තම වගකීම නිසා තමන්ට නිදාගත නොහැකි බව ඔහු පැවසුවා. නිද්‍රා දේවිය පැවසුවේ එසේ නම් ඔහු වෙනුවට වෙනත් අයකු නිදාගත යුතු බවයි. උර්මිලාගෙන් මේ ගැන විමසන ලෙස ලක්ෂ්මණ නිද්‍රා දේවියට පැවසූ අතර ඇය ගොස් ඒ බව උර්මිලාට පැවසුවා. එහි ප්‍රතිඵලය වූයේ තම සැමියාගේ ඉල්ලීමට අවනතව වසර 14ක් පුරා උර්මිලා එක දිගට නිදා ගැනීමයි. ලක්ෂ්මණ නැවතත් අයෝධ්‍යාවට පැමිණීමෙන් පසුවයි ඇය අවදි වූයේ.

 

 

ගිජුලිහිණියන්ගේ රජු ලෙස සැලකුණු  දිව්‍යමය බලය හිමි මේ කුරුලු රාජයා දසරථ රජුගේද මිතුරෙකු ලෙස සැලකුණා. රාවණා විසින් තම පුෂ්පක යානයෙන් සීතා දේවියව පැහැරගෙන යද්දි රාවණා සමග  ජටායූ සටන් වැදුණා. රාවණා විසින් ඔහුගේ පියාපතක් සිඳ ලීමෙන් පසුවත් අනෙක් පියාපත මගින් අහසේ රැඳී සිටිමින් රාවණා සමග සටන් කළත් අනෙක් පියාපතද අහිමිව ගියා. රාමාගේ පැමිණීම වනතෙක් අවසන් හුස්ම හෙළීමෙන් වැළකුණු ජටායූ, සීතාගේ  පැහැර ගැනීම පිළිබඳව රාමට සහ ලක්ෂ්මණට පවසා සිටියා.

 

වලසුන්ගේ රාජයා ලෙස සැලකුණු ජම්බවන් රාමායණය තුළ හැඳින්වෙන්නේ අතිශයින්ම බුද්ධිමත් උපදේශකයෙකු ලෙසයි. වානරයන්ගේ රජු  වූ සුග්‍රීවගේ අග්‍ර පුරෝහිතයා ලෙස කටයුතු කළ ඔහු  රාමාගේ ඉල්ලීම පරිදි සීතා සොයා යෑමේ මෙහෙයුමේ උපක්‍රම සකස් කිරීම පිළිබඳව විශාල මෙහෙයක්  කරනු ලැබුවා. ඔහුගේ මෙහෙයවීම යටතේ  හනුමාන් විසින් සමුද්‍රය තරණය කොට ලංකා පුරය වෙත ගොස් සීතාවගේ තොරතුරු රාමා ඇතුළු පිරිස වෙත රැගෙන එනු ලැබුවා. 

 

 

ගිජුලිහිණින්ගේ රජු වූ ජටායූ සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ සම්පතී සිය කුඩා කාලයේදී සූර්යයා වෙත  පියෑඹීමට උත්සාහ කළා. නමුත් තමන් කෙමෙන් කෙමෙන් සූර්යයා කරා ළං වෙද්දී  රශ්මිය වැඩිවෙන බව වටහා ගත් සම්පතී තම පියාපත්වලින් බාල සහෝදරයාව ආවරණය කළා. ප්‍රතිඵලය වූයේ සම්පතිගේ පියාපත් දැවීයෑමයි. මේ නිසා එක් තැනකට වී ජීවත් වුණු සම්පති රාමා ඇතුළු පිරිසට ලංකාපුර වෙත ගමන් කළයුතු මාර්ගය පිළිබඳව නිසි තොරතුරු ලබාදුන්නා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here