ස්වයං රැකියාවක් කරන්න කලින් හිතන්න ඕනේ දේවල් ටිකක් – Saru News Media

0
7

අද තියන ආර්ථික රටාවත් එක්ක පවුලකට එක පඩියකින් ජීවත් වෙන්න අමාරුයිනේ. ඒ නිසාම ගොඩක් දෙනා ගෙදරම ඉ​ඳන් කරන්න පුළුවන් ස්වයං රැකියා ගැන සැළකිල්ලක් දක්වනවා. වැඩි ආදායමක් හදාගන්න ගෙදරට ශක්තියක් වෙන්න පුළුවන් හොඳම විදිය විදියට ඔයාලට ස්වයං රැකියාවක් පටන් ගන්න මොනාද කරන්න පුළුවන් කියලා දැනුවත් කරන්න අපි හිතුවා. බලන්න මේක කියවලා පටන් ගන්න අදහසක් තියන උදවිය වගේම දැනට කරගෙන යන අයටත් අලුත් අයිඩියාස් ගන්න පුළුවන් ද කියලා.

 

ගෙදරට වෙලා ගෙදර වැඩක් ​පලක් කරගෙන ඉන්න අතරේ පුළුවන් විදියට ආදායම් මාර්ගයක් හදාගන්න තියනව නම් කොච්චර දෙයක්ද? ඒක පවුලටත් ලොකු ශක්තියක් වෙනවා. ඒ වගේ ලොකු ප්‍රාග්ධනයක් වැය නොකර සුළුවෙන් පටන් අරගෙන කරන්න පුළුවන් ගෘහස්ථ කර්මාන්තවලට තමයි ස්වයං රැකියාවක් කියන්නෙ. මේක ගැහැණු පිරිමි දෙපාර්ශවයම කරනවා වගේම කරන්න පුළුවන්. සමහරු අමතර ආදායම් මාර්ගයක් විදියට ක​ළත් සමහරු යැපෙන්නෙම මේ ස්වයං රැකියා වලින්. විවාහයෙන් පස්සෙ දරුවන් ලැබුනම රැකියා වලින් ඉවත්වෙන කාන්තාවන්ට හො​ඳම අදහසක් තමයි මේ. ගෙදර ඉඳන් ​ළමයින්ගෙ වැඩත් කරගෙන ගොඩනගාගන්න පුළුවන් හොඳම ව්‍යාපාර ක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන්.

 

ඔයා කාන්තාවක්ද පිරිමි කෙනෙක්ද කියන එක අනුවත් තමන්ට කරන්න පුළුවන් ව්‍යාපාරය වෙනස් වෙනවා. ඒ වගේම යකඩ ගෑණුත් ඉන්නවා එන හැමදේම තනියම කරන්න බලාගෙන ඉන්න. කවුරු උනත් අඩු පිරිවැයකින් මෙන්න මේ වගේ බිස්නස් ටිකක් පටන් ගන්න පුළුවන්.

 

 

පුඩින් නිෂ්පා​දන 

හකුරු නිෂ්පා​දන 

තක්කාලි සෝස්

යෝගට් නිෂ්පා​දන 

චට්නි වර්ග

ජෑම් වර්ග

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here