සෙක්ස් සම්බන්ධයෙන් ලෝකේ ගොඩක් අය විශ්වාස කරගෙන ඉන්න බොරු කතන්දර – Saru News Media

0
6

දැන් ඔය සෙක්ස් කිව්වහම ගොඩක් දෙනෙක් සගිස්කුරුතිය, සදාචාරය මතක් වෙලා ඇඹරෙන්න ගත්තට, අපේ ගොඩක් අයියලා හිතාගෙන ඉන්නේ තමන් සෙක්ස් සබ්ජෙක්ට් එකෙං කප් ගහපු උන්දැලා කියලා තමයි. එහෙම හිතාගෙන ඉන්න උන්දැලාගේ වැඩි දෙනෙක්ගේ ලිංගික අධ්‍යාපනේ ලැබිලා තියෙන්නේ නිල් කෑලි වලින් වීම වෙනම කතන්දරයක්. ඒ විතරක් නෙවෙයි, අක්කිලා නංගිලත් ඉන්නවා මොකුත් නොදන්නවා වගේ ඇට් කළාට සෙක්ස් ගැන පරතෙරටම දන්නවා කියලා හිතාගෙන ඉන්න. හරි, මිනිස්සු වුනහම සෙක්ස් ගැන අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන. හැබැයි සෙක්ස් ගැන ඇත්තට ඉගෙන ගන්න එකයි, තමන් සෙක්ස් ගැන දන්නවාය කියලා හිතාගෙන ඉන්න එකයි දෙකක්.

 

දැන් ඔය සෙක්ස් සම්බන්ධයෙන් විවිධ මිත්‍යා මත තියෙනවනේ. මංගල යහනේ මුලින්ම වැඩේට සෙට් වුණහම කෙල්ල කන්‍යාවක් නං අනිවා ලේ ගලන්න ඕන කියන එකත් ආන්න ඒ වගේ කාලෙකට කලින් ගොඩක් දෙනෙක් විශ්වාස කරපු මිත්‍යාවක්. මේ සෙක්ස් සම්බන්ධ මිත්‍යා විශ්වාස වල තියෙන සීන් එක තමයි, ලෝකේ මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණයක් ඒවා විශ්වාස කරන එක. අර උඩින් කියපු සෙක්ස් ගැන දන්නවාය කියලා හිතාගෙන ඉන්න අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා වුනත් ඔය මිත්‍යා මත ඔලුවේ තියාගෙන ඉන්න තියෙන ඉඩ වැඩියි. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ මේ සෙක්ස් මිත්‍යාවන් ගැන පොඩ්ඩක් විවෘතව කතා කරලා, සෙක්ස් ගැන ඇත්ත දේවල් කියලා දෙන්න ඕනැය කියලා!

 

මේක අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා. දැන් ඔය පත්තරයක් ගත්තොත් හංගලා දාන ජනප්‍රියම ඇඩ් වර්ගයක් තමයි පුරුෂ ලිංගය ලොකු කරගන්න තියෙන බෙහෙත්. ඔව්වා වැඩිහරියක් පච. හැබැයි ඇයි ගොඩක් අය ඕවලට ඇදෙන්නේ? හේතුව සරලයි. ගොඩක් පිරිමි හිතාගෙන ඉන්නවා ගෑණියෙක්ට ඕන කරන්නේ ලොකු පුරුෂ ලිංගයක් කියලා. අන්න ඒක වැරදියි. තමන්ට ස්වභාවික විදියට සෙක්ස් කරන්න බැරි තරමට, ඒ කියන්නේ අසාමාන්‍ය තරමට ලිංගය පොඩියි නම් හරි ලොකුයි නම් හරි ඒක ඩොක්ටර් කෙනෙක් හම්බුවෙන්න ඕන ප්‍රශ්නයක්. එහෙම නැතිනම් පුරුෂ ලිංගයේ ප්‍රමාණය ලිංගික සතුටට වැදගත් වෙන්නෙ නෑ. බැට් එක නෙවෙයි වැදගත් වෙන්නෙ පුතා, බැට්ස්මන්ට බැට් කරන්න තියෙන හැකියාව!

 

මෙන්න තවත් ජනප්‍රිය වැරදි මතයක්. වැජයිනා එක නැතිනම් ස්ත්‍රී යෝනිය නිතර නිතර සෙක්ස් කළොත් ලොකු වෙනවා කියලා ගොඩක් පිරිමි විතරක් නෙවෙයි, ගොඩක් ගැහැණු අය පවා හිතාගෙන ඉන්නවා. මෙහෙමයි. සෙක්ස් නොකරපු කෙනෙක් හරි, කාලයක් තිස්සේ සෙක්ස් නොකරපු කෙනෙක් හරි සෙක්ස් කරනකොට පොඩ්ඩක් යෝනිය තදයි කියලා දැනෙන්න පුළුවන්. හැබැයි ඒකට හේතුව යෝනි මාංශ පේෂි වලට ඒකට හුරු වෙන්න වීම. ඒක ඉතින් වලං කඩේට පැන්න ගොනා වගේ සෙක්ස් නොකර, ප්‍රවේසමෙන්, සීරුවෙන්, ලිහිසිකාරක එහෙම පාවිච්චි කරලා සරලව විසඳගන්න පුළුවන්. හැබැයි නිතර සෙක්ස් කළා කියලා යෝනිය ලොකු වෙනවා කියන එක නම් මිත්‍යාවක්.

 

හැබැයි මෙහෙම එකක් තියෙනවා. යෝනියක් තියා ලිංගයක්වත් හැමදාම එකම විදියට තියෙන්නේ නෑ. දරුවෝ වැදීමත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙනවා. වයසත් එක්කත් වෙනස් වෙනවා. හැබැයි විශේෂයෙන්ම දරුවෝ වැදීමකින් පස්සේ එහෙම යෝනිය ආයෙමත් පරණ තත්ත්වෙට ගේන්නත් ක්‍රම තියෙනවා.

 

 

මේ පස්සට කරදර කිරීම කියලා කියන්නේ ඇත්තටම ඇනල් සෙක්ස් නැතිනම් ගුද සංසර්ගයට. හරි, අපි දන්නවා සමරිසි පුරුෂ පක්ෂයේ අය තමන් කැමති නම් සංසර්ග ක්‍රමයක් විදියට ගුද සංසර්ගය තෝරගන්නවා කියලා. හැබැයි විසමරිසි, ඒ කියන්නේ ගෑණු කෙනෙක් එක්ක සෙක්ස් කරන්න කැමති පිරිමියෙක් ගුද සංසර්ගයට ආස වෙන්න පුළුවන්ද? ඒක නිකං විකාර කතාවක් වගේ නේද? මොකද ඇනල් සෙක්ස් කියන්නේ ගුදයට ලිංගයක් ඇතුළු කිරීම කියලා හිතුවොත්, ගැහැණු කෙනෙක් එක්ක සෙක්ස් කරන පිරිමියෙක්ට ගැහැණු කෙනාගෙන් ඒක බලාපොරොත්තු වෙන්න බැහැ නේද?

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here