එදිනෙදා ආහාර වලට ගන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න ආදේශක 7ක් – Saru News Media

0
22

ඇඟට ගුණ විදියට කන අතරෙ අහිතකර කෑම පොඩ්ඩක් අයින් කරලා ඒ වගේම රසක් ගන්න පුළුවන් ආදේශක කෑම ටිකක් ගැන කියන්නයි යන්නේ. හරිම ලේසියෙන් ලංකාවෙ අපිට මේ දේවල් කරන්න පුළුවන්කම තියෙද්දි ඇඟට ​අහිතකර දේ එකතු කරනොගන්න හැමෝම වගබලාගන්න ඕනා. රසට කන්න වගේම සෞඛ්‍ය ගැනත් හැම වෙලේම හිතන්නම ඕන නිසා තමයි අපි අද මේ වගේ ආදේශක ටිකක් අරන් ආවෙ. 

 

මයෝ​නේස් සැලඩ් වලට දැම්මට, බර්ගර් හැදුවට නිතරම ආහාරයට ගන්න එක හිතකර නෑ. ඉතින් ග්‍රීක් යෝගට් වලට හර්බ්ස්, ලුණු හා සුදුළූණු ටිකක් දාලා රස ටිකක් වැඩි කරලා සැන්ඩ්විච් ඩිප් එකක් විදියට හදලා කන්න පුළුවන්. මයෝ​නේස් වෙනුවට සැලඩ් වලට, සැන්ඩ්විච් වලට වගේම ඩිප්ස් වලටත් ග්‍රීක් යෝගට් පාවිච්චි කරල බලන්න. පුදුම හිතෙන රසක් දැනෙයි.

 

ඇඟ ගැන හිතන අයට වගේම සීනි අඩුවෙන් කෑමට ගන්න අවශ්‍ය අයට රස ගැන්වූ සීරියල් නොදී ස්වභාවික ඕට්ස් උදේට කන්න පුළුවන් නම් ශරීර සෞඛ්‍යයට ගොඩක් හොඳයි. මේකට ඔයා කැමති නම් නට්ස් ටිකක්, ඩ්‍රයි ෆෘට්ස් වගේ මොනාහරි එකතු කරලා කන්න ගන්න පුළුවන්. මේකට සීනි නැතුව ඩාක් චොක්ලට් ටිකක් දැම්මත් කමක් නෑ.

 

සැන්ඩ්විච් හදනකොට, බර්ගර්, සබ්මැරීන් වලට එහෙම බටර් වෙනුවට අපිට පොඩි කරගත් අලිගැටපේර ගාගන්න පුළුවන්. ඇත්තෙන්ම ශරීරයටත් ගොඩක් ගුණයි. අලිගැටපේර වල තියෙන්නෙ හදවතට හිතකර මේදය. බටර් වෙනුවට අලිගැටපේර දැම්මා කියලා ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ. අමතර රසයක් නම් එකතු වෙනවා. ලංකාවෙ අපිට හැම එකටම බටර් ඕන උනාට ගොඩක් රටවල් වල අය අලිගැටපේර තමා මේ වගේ කෑම වලට හුඟක්ම පාවිච්චි කරන්නේ.  

 

තේ එකක් බොනකොට සීනි දානවට වඩා රට ඉඳි ගෙඩියක් කන ගමන් ඒක බොනවනම් ශරීරයට එකතු වෙන සීනි ප්‍රමාණය අවම වෙනවා. ඒ වගේම ස්මූදි එකකට සීනි නොදා රට ඉඳි ටිකක් දාලා බලන්න කොච්චර රසද කියලා. ඩේට් ස්මූදි කියන්නෙ මාරම රස පානයක්. කොහොමත් අපේ ශරීරයට අවශ්‍ය සීනි ප්‍රමාණයට වැඩිපුර සීනි ගත්තම වෙන දේ කාටත් කියන්න ඕනේ නෑනේ. සෞඛ්‍ය සම්පන්නව ඉන්න ආස අය මේ විදියට මින් පස්සෙ කරයි කියලා අපි හිතනවා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here